Tallest tower of South Asia Lotus Tower to bloom today

මීටර් 350 ක් උසැති දකුණු ආසියාවේ උසම කුළුණ වන ලෝටස් කුළුණ (නෙලුම් කුලුණ) අද (සැප්තැම්බර් 16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කරනු ඇත.

නෙළුම් කුළුණ විදුලි සංදේශ කෞතුකාගාරයක්, හෝටලයක්, අවන්හල්, ශ්‍රවණාගාරයක් සහ නිරීක්ෂණ තට්ටුවකින් සමන්විත වේ. මහල් 17 කින් යුත් කුළුණ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමින් ඉදිකරන ලද අතර ඉන් සියයට 80 ක්ම අරමුදල් සපයනු ලැබුවේ චීනය විසිනි.

නෙළුම් කුළුණ විවෘත කිරීම සනිටුහන් කිරීම සඳහා සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කළේය.

රුපියල් 45.00 ක් වටිනා මුද්දරයක්, පළමු දින කවරයක් සහ අනුස්මරණ සටහනක් නිකුත් කරන බව තැපැල් ස්ථානාධිපති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

The Lotus Tower Sri lanka pic by Nazly Ahmed on Twitter
Pic by Nazly Ahmed on Twitter
Views: 0

Comments

  • No comments yet.
  • Add a comment