ලංකාවෙ සන්නාමය රන් අකුරින් ලියපු පුංචි සමනළි!

ලංකාවෙ යු ටියුබර්ස්ලා රාශියක් ඉන්නවා.. එතනිනුත් 1 million subscribers සීමාව පහු කරපු youtube channels තියෙන්නෙ කීපයක් විතරයි.

ඔයාලා දන්නවද? අහලා තියෙනවද?

මේ පුංචි කෙල්ල කරන village life චැනල් එක තමයි ලංකාවෙ අංක 3 ට වැඩිම සබ්ස්ක්රයිබර්ස්ලා ප්රාමාණයක් ඉන්න චැනල් එක.

ලඟදි මේ චැනල් එකට youtube subcribers 1 million පහු කරපු නිසා Gold Play Button එක හම්බ උනා.

මේක මේ වැල් බයිලා කියන චැනල් එකක් හෝ නලු නිලි ඕපාදුප කියවන චැනල් එකක් නෙමෙ.. මේ පුංචි කෙල්ල එයාගෙ අම්මයි තාත්තයි අත්තම්මලා දෙන්නයි එක්ක මේ වැඩේ කරන්නෙ.. ආරංචිය ලැබිලා පලවෙනි වීඩීයෝව බලද්දි මට මගෙ ඇස් අදහගන්න බැරි උනා.. දෙයියනෙ චතුර ඉංග්රීසි කථනයක් තියෙන බටු ඇටයක් වගෙ පුංචි දරුවෙක්.. මේක well ප්ලෑනින් වැඩක්.. චැනල් එක පුරාම අමුතුම කලාවක්.. හැම දෙයක්ම තුලම හරිම අපූර්වත්වය ක්..

පුංචි දූ හරිම ප්රාසාංගිකව ඉදිරිපත් කරනවා.. අම්මයි තාත්තයි වීඩීයෝ කරලා තාක්ශණික පැත්ත බලනවා.. ආච්චි අම්මලා දෙන්න එක එක රසට ගමේ කෑම හදනවා.. පසුබිමින් කන්කළු සංගීතයක් ඇහෙනවා.. අවසානයෙ අත්තම්මලා අපූරුවට හදන කෑම පුංචි කෙල්ල රස කර කර කනවා දකිනකොට මුළු හිතම පිරෙනවා..

හැමදෙයක් තුලම පුදුමාකාර අව්යාජබවක්.. ඒ අව්යාජබව අපිව පිස්සු වට්ටන තරම්.. අන්න ඒ නිසා මේ දරුවා ලංකාව වගෙ පටු පරාසයකට නෙමෙ ආමන්ත්රණය කරන්නෙ සමස්ථ ලෝකයටම කතා කරන්නයි ඇගෙ මේ වෑයම

In detail comparison එකක් එක්ක කතා කරොත් මේ චැනල් එක සුවිශේශී එකක්. ලංකාවේ

1. TV derana – 1.3 million
2. Sri Lanka Cricket – 1.2 million

පේන විදියට මේ සූටි කෙල්ලගෙ චැනල් එක තමා තුන්වෙනි ස්තානයේ තියෙන්නෙ. දැනට subscribers 1.1 million.

Sri Lanka Cricket youtube channel එක පටන් අරගෙන තියෙන්නෙ දැනට අවුරුදු 6කට කලින්. චැනල් එකේ වීඩියෝස් 1152ක් දාල තියෙනව. 1million views සීමාව පහු කරපු වීඩියෝස් තියෙන්නෙ 30යි

TV Derana youtube channel එක පටන් අරගෙන තියෙන්නෙ දැනට අවුරුදු 7කට කලින්. චැනල් එකේ වීඩියෝස් 14,137ක් තියෙනව. 1 million views සීමාව පහු කරපු වීඩියෝස් තියෙන්නෙ 36යි. වැඩිම වීව්ස් ලැබුනු වීඩියෝව 7.6 million views.

මේ සූටි කෙල්ලගෙ Village Life channel එක පටං අරගෙන දැනට අවුරුදු 2යි. චැනල් එකේ මුලු වීඩියෝස් ගනන 232යි. 1 million views සීමාව පහු කරපු වීඩියෝස් තියෙනව 39ක්. වැඩිම views ලැබුනු වීඩියෝව 10 million views !!

මේක කොහෙත්ම සුළුපටු කාරණයක් නෙවෙ..

මේ චැනල් එකේ සුවිශේශිත්වය මොකක්ද දන්නවද?

මේකට වහ වැටිලා ඉන්නෙ විදේශිය ප්රේක්ශකයො.. මිලියන් ගනන් වීව්ස් යන්නෙ මේක අගය කරලා කොමෙන්ට් කරන්නෙ විදේශිය ජනතාව..

මේ උපයන්නෙ මොනාද?

විදේශ විනිමය. නිකමට හිතන්න මේ චැනල් එක ලංකාවෙ සංචාරක කර්මාන්තයෙ ප්රගමනයට කොයි තරම් දායකත්වයක්ද?

මේ පුංචි කෙල්ල ආකර්ශණය කරගන්න ක්රවුඩ් එක ජාත්යන්තර එකක්.. අන්න ඒකයි මේකෙ වටිනාකම

එහෙම බැලුවම වීව්ස් අතින් ලංකවෙ තුන් වෙනි තැන තිබුනට ලංකාවෙ වැඩකට ඇති හරවත් පලදායි එකම චැනල් එක මේක කියලා අවිවාදිතයි..

මේ පුංචි කෙල්ල රටට වටින්නෙ අන්න ඒ නිසයි.

නිකමට එකක් බලන්න ඔයා මවිත වේවි..

කවුරු කොහොම මොන බයිලා ගැහුවත් මේ පුංචි දරුව තමයි ජාත්යන්තරය ජයගත්ත ලංකාවෙ යූ ටියුබ් කලාවෙ රන් නාමය..

දුවේ ඔයාට ගොඩක් ස්තුතී!!

youtube 1 million srilanka user 2 youtube 1 million srilanka user

Comments

  • No comments yet.
  • Add a comment