Diyawanna Kumariye – Naada Band | Song for Parliment

දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා

Diyawanna Kumariye is sung by Dumal Warnakulasooriya
"දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ  දෙරණට සඳ පළුව එබෙනවා.."
දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය 
සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව  උදවිය 
ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා.. 
"හීන පේන සීනී බෝල  තක්ශීලාව වට කරනා මගේ පුතා අකුරු කරනවා" 
වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. 
මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා.. 
"සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා.." 
රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. 
ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය.. 
"හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා.." 
සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් 
ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් 
නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි 
හදමු කියන ජනතාවක් නේ... 
"හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා.." 
සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් 
ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම 
ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. 
කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ... 
"දළ දිලිසෙන හස්ති රජුන්  හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා" 
රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ 
අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත් 
"පත්තිනියේ නුබ නාඩන්  ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තතනවා" 
පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා 
පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා.. 
"රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා.." 
පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා 
මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා 
බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා..
වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක්  

Take a look at the Diyawanna Kumariye Lyrical video below

Naada | නාද
Views: 2

Comments

  • Sas Jayasinghe
    August 11, 2020 at 4:55 pm

    This song is a perfect reflection of today”s SRI LANKA ….!

  • Chathura vithanage
    July 11, 2020 at 2:32 pm

    හුදෙක් ගීතයක් ලෙසට සීමා නොකර සියලු දෙනා ඇසිය යුතු ලංකාවේ ඉරණම් ගීය “දියවන්නා කුමාරියේ”

    • Wasantha Jayatilake
      August 10, 2020 at 5:50 pm

      Political, environmental and social issues faced by the country are well expressed in this song for our youth to know and change their attitudes if would like to do so.

  • Shyamali lansakara
    June 13, 2020 at 11:05 am

    සමාජයේ සියලු දෙනා අවබෝධයෙන් ඇසිය යුතු ගීතයක්…මෙවැනි නිර්මාණ තවත් කිරීමට හැකියාව ලැබේවා..

Add a comment